ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

Showing posts with label molecular cell biology. Show all posts
Showing posts with label molecular cell biology. Show all posts

අවයවීභූත ප්‍රෝටීන (INTEGRAL PROTEINS)



Integral යන්නට නියම සිංහල යෙදුම 'අවයවීභූත' යන්නද කියා මම නොදනිමි.ඊට වඩා හොද අර්ථ දැක්වීමක් තිබේ නම් මටත් කියන්න.කලින් ලිපියේ සදහන් කළ ප්‍රෝටීන වර්ග 3න් විශාලම හා ප්‍රධානම ප්‍රෝටීන වර්ගය මෙයයි.මීට අවයවීභූත කියා කියන්නේ මෙම ප්‍රෝටීන, ලිපිඩ ද්වි-ස්ථරයත් (lipid bilayer) සමග ඉතා තදින් බද්ධ වී ඇති නිසාය.මෙම ප්‍රෝටීන වල ප්‍රධාන ව්‍යුහමය කොටස් 2කි.
  1. මෙම ප්‍රෝටීනයක එක් කොටසක් ද්වි-ස්ථරයේ අන්තඃසෛලීය (intracellular) හෝ බහිෂ්සෛලීය (extracellular) මුහුණත් 2න් ඕනෑම මුහුණතකට නිරාවරණය වී ඇත.මෙම කොටස ජලීය පරිසරයකට මුහුණ දිය යුතු බැවින් එය ධ්‍රැවීය(ජලකාමී) ස්වභාවයක් ගනී.
  2. ප්‍රෝටීනයේ තවත් කොටසක් ලිපිඩ ද්වි-ස්ථරයේ ගිලී ඇත.මෙම කොටස ලිපිඩමය පරිසරයකට මුහුණ දිය යුතු බැවින් එය නිර්ධ්‍රැවීය ස්වභාවයක් ගනී.මෙහිදී ප්‍රෝටීන සහ ලිපිඩ, ජලභීතික (hydrophobic) සහ වැන්ඩර්වාල්ස් (Van der Waals) බන්ධන මගින් එකට සම්බන්ධ වී ඇත.
ඇතැම් විට මෙම ප්‍රෝටීනයක් ලිපිඩ ද්වි-ස්ථරයේ එක් මුහුණතකින් පටන් ගෙන, ද්වි-ස්ථරය හරහා ගොස් අනෙක් මුහුණතින් මතු වේ.මෙහිදී ප්‍රෝටීනයේ දෙකෙළවරින් ධ්‍රැවීය ස්වභාවයක්ද, මැදින් නිර්ධ්‍රැවීය ස්වභාවයක්ද ගනී.මෙවැනි ප්‍රෝටීනයක් පටල-විනිවිදි ප්‍රෝටීනයක් ලෙස විශේෂ නමකින් හැදින්වේ.

පටල-විනිවිදි ප්‍රෝටීන (TRANSMEMBRANE PROTEINS)

මෙම ප්‍රෝටීන, එහි පොලිපෙප්ටයිඩ දාමය ලිපිඩ ද්වි-ස්ථරය හරහා කී වරක් ගමන් කර ඇත්දැයි යන කාරණාව මත ප්‍රධාන කොටස් 2කට බෙදා ඇත.එය පහත රූපය මගින් තවදුරටත් පැහැදිලි වනු ඇත.


  • ඒක-විනිවිදි ප්‍රෝටීන (single-pass protein)
මෙහිදී පොලිපෙප්ටයිඩ දාමය (polypeptide chain) ලිපිඩ ද්වි-ස්ථරය හරහා එක් වරක් පමණක් ගමන් කර ඇත.
  • බහු-විනිවිදි ප්‍රෝටීන (multi-pass protein)
මෙහිදී පොලිපෙප්ටයිඩ දාමය ලිපිඩ ද්වි-ස්ථරය හරහා එක් වරකට වඩා වැඩි වාර ගණනක් ගමන් කර ඇත.





මෙහිදී ලිපිඩ ද්වි-ස්ථරය හරහා ගමන් කරන පොලිපෙප්ටයිඩ දාම
  • ඇල්ෆා හෙලික්ස (alpha helix) සහ
  • බීටා බැරල (beta barrel)


ලෙස ද්විතීයික ප්‍රෝටීන ව්‍යුහ (secondary protein structures) බවට සංවිධානය වී ඇත.
Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්