ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

THE CELL (සෛලය)‍

(red blood cells)

රොබට් හුක්(Robert Hooke) විසින් මුලින්ම නිරීක්ෂණය කළ සෛලය, ජීවීන්ගේ ව්‍යුහමය(structural) සහ කෘත්‍යමය(functional) ඒකකය බව ඔබ ඇතැම් විට අසා ඇති.නමුත් එසේ පවසන්නේ ඇයි?

ඒක සෛලික(unicellular) මෙන්ම බහු සෛලික(multicellular) ජීවීන්ද තැනී ඇත්තේ සෛල වලිනි.බහු සෛලික ජීවීන්ගේ නම් සෛල, පටක(tissues) හා පද්ධති(systems) බවටද ඒකරාශි වී ඇත.මේ අනුව පෙනෙන්නේ ජීවන් තැනී ඇති මූලික තැනුම් ඒකකය සෛලය බවයි.එනම් ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය සෛලය විය යුතුය.

ජීවීන්ට දැක්විය හැකි, අප කලින් ලිපියේ විස්තර කළ ජීවයේ ලක්ෂණ සියල්ලම තනි සෛලයකට පෙන්විය හැකිය.එසේ පෙන්විය හැකි කුඩාම ජීවී කොටසද සෛලයයි.එමනිසා සෛලය යනු ජීවීන්ගේ කෘත්‍යමය ඒකකය බව පැහැදිලි වේ.

සෛලයේ ප්රමාණය,හැඩය සහ ආයු කාලය (size, shape & the life time of the cell)
විවිධ සෛල වලට නිශ්චිත හැඩයක් හෝ ප්රමාණයක් පැණවිය නොහැක.බොහෝ විට එකම වර්ගයේ සෛල සමාන ප්රමාණයක් සහ හැඩයක් ගන්නා අතර වෙනස් වර්ග වල සෛල වෙනස් ප්රමාණ සහ හැඩ ගනී.වෙනස් වර්ග වල සෛලව ආයු කාලයන්ද එකිනෙකට අසමානය.








(smooth muscle cells in the left & a nerve cell in the right show the different shapes of the cells)

සෛල කුඩා වීමට හේතු (the reasons for the cell to be small)

වෙනස් වර්ග වල සෛල වෙනස් ප්රමාණ ගත්තද, සාමාන්‍යයෙන් ඕනෑම සෛලයක් කුඩාය.මීට හේතුව සෛලයක් කුඩා වන විට එහි "වර්ගඵලය/පරිමාව(Area/Volume)" අගය වැඩි වීමයි.එවිට
  1. සෛලය තුළට ද්රව්‍ය ලබා ගැනීම
  2. සෛලයෙන් ඉවතට ද්රව්‍ය බැහැර කිරීම
  3. න්‍යෂ්ටිය මගින් සෛලය පාලනය
යන ජීව ක්රියාවලි ඉතා කාර්යක්ෂමව සිදුවේ.


5 comments:

බිඟූ said...

ela. nice one

biologist said...

thanx a lot බිඟුවා...!

හා පැටික්කි (MS) said...

අයියේ කටියට ආයු කාල ගැන පොඩි idea එකක් දුන්නනම් හොඳ නැද්ද... ඔය හොඳට දන්න රුධිර සෛල, නියුරෝන,ජන්මාණු සෛල වගේ දන්න ඒව ගැන.....වැඩිම ආයු කාලය අඩුම ආයු කාලය වගේ පුංචි මතක හිටින දෙයක්..... එතකොට සාමන්ය කෙනෙක්ට උනත් ආසාවක් ඇතිවෙයි ඒ ගැන.නිරායාසයෙන් මතක හිටින දේවල් නිසා. මේක මට හිතුන දෙයක් විතරයි.... දිගටම ලියන්න.....
ඒ වගේම ටිකක් නිර්මාණාත්මක heding එකකුත්...දැක්ක ගමන් අන්තර්ගතේ ගැන අමුතු අදහසක් එන්න වගේ... මොකද ගොඩක් කට්ටිය Bio කියල දැක්කම හිතන්නෙ අපිට ගැලපෙන්නෑ කියලනේ....සෛලය නොදා "අපි හැමෝම හැදෙන පුංචි වැඩකාරයා වගේ...."
වැරදියට හිතන්න නම් එපා මං මගේ පුංචි අදහසක් කිව්ව විතරයි.......

biologist said...

its ok nangi, mama oyage adahasa piligannawa.thanks a lot for the advice.creativity 1 madi thama.eka thawa wedi diyunu karaganna one.

issarahata aniwa godak wedagath lipi daanawa.this is only a beginning.digatama comments denna.thanks again

biologist said...

life spans of some different cell types

red blood cells 4 months
epidermal cells 1-2 weeks
liver cells 300-500 days
gut lining cells 5 days
intestinal cells 15.9 years
skeletal cells 10-12 years

*heart muscle cells & neurons(nerve cells) are believed to live for an individual's life time

Post a Comment

ඔබේ අදහස් මගේ ශක්තියයි

Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්