ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

නැතුවම බැරි - පටල ප්‍රෝටීන හැදින්වීම (INTRODUCTION TO MEMBRANE PROTEINS)



ජීව විද්‍යාත්මක පටල වල ලිපිඩ ගැන අපි පසුගිය ලිපි වලින් කතා කළා.අද කතා කරන්නේ එහි ඇති ප්‍රෝටීන පිළිබදවයි.පසුගිය ලිපි වලින් කතා කළා වගේම මෙම ප්‍රෝටීන වල එක් කාර්යයක් වෙන්නේ ලිපිඩ වල චාලකතාවය අඩු කරලා පටලයේ ස්ථායිතාවය (stability of the membrane) වැඩි කරන එක‍යි.ඊට අමතරව මෙම ප්‍රෝටීන වල තවත් කාර්යයන් රැසක්ම තියනවා
  1. එන්සයිම (enzymes) ලෙස ක්‍රියා කරමින් සෛලයේ විවිධ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය (catalyze) කිරීම
  2. සෛලයෙන් ඉවතට සහ ඇතුළට පෝෂක ද්‍රව්‍ය (nutrients) පරිවහනය කිරීම
  3. සෛලයෙන් ඉවතට අප ද්‍රව්‍ය (waste products) පරිවහනය කිරීම
  4. බාහිරින් පැමිණෙන (extracellular) ද්‍රව්‍ය හදුනාගැනීමට සෛලයට ආධාර වීම
මින් ප්‍රධානයි.මෙසේ ක්‍රියාකිරීමට මෙම ප්‍රෝටීන, ජීව විද්‍යාත්මක පටල වල ලිපිඩ ද්වි-ස්ථරය (lipid bilayer) සමග විවිධාකාරයෙන් අන්තර්ක්‍රියා කළ යුතුයි.මෙසේ සිදුකරන අන්තර්ක්‍රියා අනුව පටල ප්‍රෝටීන ප්‍රධාන කාණ්ඩ 3කට වර්ග කරනු ලබනවා.ඒවානම්
  1. අවයවීභූත ප්‍රෝටීන (integral proteins)
  2. පර්යන්ත ප්‍රෝටීන (peripheral proteins)
  3. ලිපිඩ සබැදි ප්‍රෝටීන (lipid anchored proteins)
මෙම ප්‍රෝටීන පිළිබද ඊළග ලිපියේ සිට වෙන වෙනම සවිස්තරාත්මකව කතා කරමු.

3 comments:

හා පැටික්කි (MS) said...

හා පැටික්කිට අවුලක් නැතුව යේකත් තේරුනා.....

biologist said...

subject 1 interesting නං ඔය දේවල් එච්චර අමාරු නෑ නංගි.කොහොමද අපේ අලුත් ගැජට් ටික??

හා පැටික්කි (MS) said...

ඒක ඇත්ත ඒත් මං පළවෙනි පාර විභාගේ කරද්දි මං අකමැතිම විෂය..... දැන් එහෙම නැති නිසා අවුලක් නෑ එච්චරම.....

ගැජට් ටික නම් හොඳයි අයියේ... හැබැයි post එක open වෙන්න ටිකක් වෙලා ගන්න එක තමා අවුල.....
පරව ඉල්ලෛ....

Post a Comment

ඔබේ අදහස් මගේ ශක්තියයි

Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්