ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

අ‍පේ වැදගත්ම ආවරණය - සෛල ප්ලාස්ම පටලය හා අනෙකුත් ජීව විද්‍යාත්මක පටල (CELL PLASMA MEMBRANE & OTHER BIOLOGICAL MEMBRANES)


සජීවී ප්‍රාක් ප්ලාස්මයේ අනෙකුත් කොටස් ආවරණය වී ඇත්තේ සෛල ප්ලාස්ම පටලයෙනි.එමෙන්ම ඇතැම් ඉන්ද්‍රියිකාද (organelles) , ඉන්ද්‍රියිකා ප්ලාස්ම පටලයකින් ආවරණය වී ඇත.පොදුවේ ගත් විට මෙම දෙවර්ගයම එකම සංවිධානාත්මක රටාවක් පෙන්නුම් කරයි.(ඉන්ද්‍රියිකාවෙන් ඉන්ද්‍රියිකාවට මෙම සංවිධානාත්මක රටාව සුලු වශයෙන් වෙනස් වේ).එමනිසා මේවා ජීව විද්‍යාත්මක පටල (biological membranes) ලෙස පොදුවේ හැදින්වේ.(ඉහත රූපය බලන්න)

ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගතය
  1. ලිපිඩ (lipids) (ප්‍රධාන)
  2. ප්‍රෝටීන (proteins)
  3. කාබෝහයිඩ්‍රේට (carbohydrates) (සුලු වශයෙනි)
  • ලිපි
ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගතය ප්‍රධාන වශයෙන් ලිපිවේ.මෙහිදී අපට ලිපිඩ වර්ග 3 ක් හමුවේ.
  1. ෆොස්ෆොලිපිඩ (phospholipids) - ෆොස්ෆැටිඩිල්කෝලීන් (phosphatidylcholine), ෆොස්ෆැටිඩිල්සෙරීන් (phosphatidylserine), ෆොස්ෆැටිඩිල්එතනෝල්ඇමීන් (phosphatidylethanolamine) ආදිය
  2. ස්ෆින්ගොලිපිඩ (sphingolipids) - ස්ෆින්ගොමයලීන් (sphingomyelin) ආදිය
  3. කොලෙස්ටෙරෝල් (cholesterol)
පහත රූපයේ ආකාරයට ෆොස්ෆොලිපිඩ එක්වී ස්ථර 2ක් (lipid bilayer) සායි.ස්ෆින්ගොලිපිඩ සුලු ප්‍රමාණයක්ද මේ අතර ඇත.
ෆොස්
ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ වල ජලකාමී ධ්‍රැවීය හිසක් (hydrophilic polar head) (රතු පාට) සහ ජලභීතික නිර්ධ්‍රැවීය වලිගයක් (hydrophobic non-polar tail) ඇත.ඉහත සැකැස්ම මගින් ජලකාමී ධ්‍රැවීය හිස ධ්‍රැවීය ජලය සමග ප්‍රතික්‍රියා කරන අතර(සෛලයෙන් ඇතුළත හා පිටත) ජලභීතික නිර්ධ්‍රැවීය වලිග ජලභීතික අන්තර්ක්‍රියා (hydrophobic interactions) මගින් එකට ප්‍රතික්‍රියා කරයි.එමනිසා ඉහත සැකැස්ම මගින් ධ්‍රැවීය හෝ අයනික සංයෝග වලට සෛලයෙන් හෝ ඉන්ද්‍රියිකාවෙන් ඇතුළට හෝ පිටට ගමන් කිරීම වළක්වයි.මෙසේ වන්නේ ධ්‍රැවීය හෝ අයනික සංයෝග වලට නිර්ධ්‍රැවීය කොටසක් හරහා යාමට විශාල ශක්තියක් වැයවන බැවිනි (highly energy consuming process).

නමුත්
ෆොස්ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ අණු නිතරම චලනය වෙමින් පවතින ගලා යන සුලු අණුය.එමනිසා ඉහත සැකැස්ම අස්ථායී වේ.මෙය වැළැක්වීමට කොලෙස්ටෙරෝල් අණු සහ ප්‍රෝටීන ෆොස්ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ අණු අතර ගිලී පහත රූපයේ ආකාරයට ඇත.

මෙසේ
කොලෙස්ටෙරෝල් අණු සහ ප්‍රෝටීන පැවතීමෙන් සෛලයට වාසි රැසක් සැලසේ
  1. ජීව විද්‍යාත්මක පටලවල ස්ථායීතාවය වාඩිවේ.
  2. පටලවල ද්‍රවාංකය වැඩිවේ
  3. පටලවල හිමාංකය අඩුවේ
මේ අනුව කොලෙස්ටෙරෝල් ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂකයක් වන අතර එය භයානක වන්නේ ඹ්නෑවට වඩා ලබාගත් විටදීය.

ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගත ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට සහ ජීව විද්‍යාත්මක පටලවල කාර්යයන් පිළිබද මීලග ළිපියෙන් අවධානය යොමු කරමු




11 comments:

Anonymous said...

ගොඩාක් වැදගත් වෙයි මේ දේවල් ඉගන ගන්න ලමයින්ට.

හා පැටික්කි (MS) said...

Bio මුල් පාඩම මතක් කරගන්න මේක නම් නියමයි අයියේ......... අගෝස්තු වල ලියන්නත් එපැයි.... හප්පේ....

Thanks ALOT.....

biologist said...

thank u very much
හැබැයි නංගි තව පහු වෙනකොට A/L මට්ටමට වඩා සංකීර්ණ ලිපි දාන්න වෙනවා.අවුලක් නෑ,එතකොට ඔයා campus ගිහින් ඉදියිනෙ.යාලුවන්ටත් කියන්න මේ blog 1 බලන්න කියලා

හා පැටික්කි (MS) said...

NO මාළුවෝ අයියේ..... මේව කියවන අය නෑ... හැබැයි දවස පුරාම අර වැඩකට නැති මූණු පොත කන අය නම් ඉන්නව.... ඒ ගොල්ලන්ට කියනවට වඩා හොඳයි ඝර්ෂණ සංගුනකේ වැඩි තැනක කට අතුල්ල ගන්නව අයියේ...... :D

ඉඳියි ඉඳියි එහේම ගිහින් ඉඳියි..... :) :)

biologist said...

එහෙ යන 1 හිතන තරම්ම අමාරු නෑ නංගි. :)

කමක් නෑ.කියවන ටික දෙනාට හරි හොදක් වෙයි.

හා පැටික්කි (MS) said...

යන එක අමාරු නෑ,,, ඒත් වටේ ඉන්න අයට ඕන විදියට A\L results ගන්න අමාරුයිනේ...... :( :( :(

biologist said...

වටේ ඉන්න අයට ඕන විදියට ඉන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි!!
ඔයාගෙ ජීවිතේ ගැන ඔයාටම සැලසුමක් තිබුණනම් තමයි හොද!

හා පැටික්කි (MS) said...

මට මේ තියෙන results ඇති උනත් ගොඩක් අයට මදි හන්දයි තුන් වෙනි ලැජ්ජාවත් කරන්නෙ අයියේ... මං ඉතින් ගෑණු ළමයෙක්නේ.... කියන දෙයක් කරනවා.....

biologist said...

හරි හරි!! ගණන් ගන්න එපා නංගි.උනන්දුවෙන් වැඩ කරන්න.මේ පාර ගෙදර අයට ඕනෙ විදිහට results ගන්න පුලුවන් වේවි.

Unknown said...

niyama blog 1
A/L karana ayata godak hodai

SL Technical Fixers said...

නියමයි බං blog එක,ගොඩක් ප්‍රයෝජනවත් උනා.

Post a Comment

ඔබේ අදහස් මගේ ශක්තියයි

Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්